පවුල් මිලියන 3.1කට ප්‍රතිලාභ දෙන රජයේ වැඩපිළිවෙළට ලියාපදිංචිය ඇරඹේ

ඔක් 07, 2022

    ‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා - කිසිවෙක් බඩගින්නේ නොතබමු’ යන තේමාවෙන් සුබසාධක ප්‍රතිලාභි පවුල් මිලියන 3.1කට අවශ්‍ය ප්‍රතිලාභ දෙන රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ.

    දැනට මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සහ තැනැත්තන් සහ එම සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල් සහ පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පිරිස් සඳහා රජයේ ප්‍රතිලාභය දීම මේ වැඩසටහන යටතේ සිදු කෙරේ.

    අදියර 6ක් යටතේ ක්‍රියාවට සැලසුම් කර ඇති මේ වැඩසටහනේ පළමු අදියර වන ප්‍රතිලාබ ලැබීමට සුදුසු පවුල් හා තැනැත්තන් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර, අයදුම් පත් කැඳවීම පිළිබඳ දැනුම් දීම ජාතික පුවත් පත් දැන්වීම් සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවිය වන https://www.wbb.gov.lk/ ඔස්සේ මේ වන විටත් ආරම්භ කර තිබේ.

    කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණකින් තොරව ජාති, ආගම්, පාට, පක්ෂ භේදයකින් තොරව ජාතික වගකීමකීමක් ලෙස සලකා රජය මේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මේ කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ගැනීමට රජය අපේක්ෂා කරයි.

    Latest News