ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 2ක් විවෘත කෙරේ

ඔක් 03, 2022

    ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තිබේ.

    ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට දින කීපයක සිට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහෙන් දෙකක් මෙසේ විවෘත කිරීමට පියවර ගත් බවයි සඳහන් වන්නේ.

    මේ හේතුවෙන් ජලාශයේ පහළ ප්‍රදේශවල කොත්මලේ ඔයේ ජලය පරිහරණය කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    Latest News