ගාමිණි බණ්ඩාර මැණික්දිවෙලගේ "අතුරේ යාම","ඩොලර් තැඹිලි" අන්තර් ජාතික සම්මානයට...(වීඩියෝ)

සැප් 30, 2022
  • දකුණු ආසියානු අන්තර්ජාතික ව්‍යාපාර විශිෂ්ඨතා සම්මාන උළෙලේ ජනමාධ්‍ය සඳහා වූ සම්මාන ද්විත්වයම හිමිකර ගනු ලැබූ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල මහතා පිළිගැනීමේ උත්සවයක් අද පැවැත්වුණා.

    ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර් ය බන්දුල ගුණවර්ධන මහතා හා සංස්ථා කළමණාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් ආයතන පරිශ්‍රයේදී. බංග්ලාදේශයේ ඩකා අගනුවරදී සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ, ඉකුත් සතියේ. එහිදී දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගවේෂණාත්මක ප්‍රවෘත්තියට හිමි සම්මානය 'අතුරේ යාම' ප්‍රවෘත්ති අංගයට හිමි වුණා.

    දකුණු ආසියාවේ ආර් ථික සංවර්ධන උපායමාර් ගික ප්‍රවෘත්තිය සඳහා වූ සම්මානය හිමි වූයේද ගාමිණී බණ්ඩාර මැණික්දිවෙල නිෂ්පාදනය කළ "ඩොලර් තැඹිලි" නමැති ප්‍රවෘත්තියටයි.

    Last modified on සිකුරාදා, 30 සැප්තැම්බර් 2022 19:49

    Latest News