කෙන්යා සංචාරය නිමකළ ජනපති දිවයිනට (වීඩියෝ)

මාර් 17, 2019

    කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදේ දිවයිනට පැමිණියේය.

    එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වැනි සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි එතුමා කෙන්යාවේ චාරිකා කළේ. ඒ, කෙන්යා ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයෙන්. මෙහිදී ජනාධිපතිතුමා, ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සිව් වැදෑරුම් යෝජනාවලියක් පරිසර සමුළුවට ඉදිරිපත් කළේය.

    සමුළුවට රටවල් 58ක ජනාධිපතිවරුන්, පරිසර අමාත්‍යවරුන් ඇතුළු පන් දහසකට අධික නියෝජිත පිරිසක් එක්වූහ. සමුළුව පැවැත්වුනේ එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේදී. ජනාධිපතිතුමා සමුළුව අමතනු ලැබුවේ තෙවැනි කථිකයා ලෙසයි.

    පරිසරය සුරැකීම වෙනුවෙන් එතුමා ගත් ප්‍රතිපත්තිමය තීරණ සමුළුවේ ඇගැයීමට ලක්විය. කෙන්යා ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සමඟ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද්විපාර්ශ්වීය සාකච්ජා පැවැත්වූහ.

    දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට අන්තර්ජාතිකව එක්ව ක්‍රියා කිරීමට නායකයන් දෙදෙනා එකඟත්වය පළ කළේය. එතුමා නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට ද එක්විය.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 19:45

    Latest News