ආසියානු දැල් පන්දු ශූරියන්ට නාවික හමුදාවෙන් උසස්වීම්

සැප් 16, 2022

    ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන්හට නාවික හමුදාවෙන් උසස්වීම් ලබාදී තිබේ.

    ඒ, නාවික හමුදාවේ කීර්තිය ඉහළ නංවමින් රටට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගය කරමින්. ඒ අනුව එම ක්‍රීඩිකාවන් මෙතෙක් දැරූ නිළයට අනුව ඔවුන් ඊළඟ නිළය දක්වා උසස් කිරීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ.

    මීට අමතරව නාවික හමුදා ක්‍රීඩිකාවන් වෙත රුපියල් දෙලක්ෂ 50,000 ක මුදල් ත්‍යාග ද පිරිනමා තිබේ.

    ආසියානු රටවල් 11ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී පැවති 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟයෙන් සත්කාරක සිංගප්පූරුව ලකුණු 63 ට 53 ක් ලෙස පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතා කුසලානය දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගියදා සමත් විය.

    Latest News