වෙලේ සුදා එරෙහි නඩුව කැඳවීමට දින නියම වෙයි

සැප් 15, 2022

    මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 18 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී විත්තිකාර වෙලේ සුදා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    නඩුවේ තවත් විත්තිකාරියක වශයෙන් නම් කර සිටින වෙලේ සුදාගේ බිරිඳ ද අධිකරණය පෙනී සිටියා.

    ඉන් අනතුරුව නඩු විභාගය දෙසැම්බර් මස 05 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

    මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් වලින් කොළඹ දෙහිවල, රාජගිරිය, මාදිවෙල ඇතුළු ප්‍රදේශය කීපයක නිවාස හා දේපළ අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේ සුදා ඔහුගේ බිරිඳ සහ ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
    ===================

    Latest News