ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක්...

සැප් 14, 2022

    ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙරට එකඟතාවකට පැමිණ තිබෙනවා.

    ඒ අනුව, දෙරටේම තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථාවන් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව හිමි වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (14) පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවට පැමිණ තිබෙනවා.  ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමටද මෙමගින් හැකි වනු ඇති.  ඒ සඳහා වන ඉදිරි කටයුතු මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය අතර සිදු කිරීමට නියමිතයි. 

    Latest News