"මිල්කෝ" ඉන්ධන වංචාවට සම්බන්ධ සේවකයින්ට අනිවාර්ය නිවාඩු...

සැප් 14, 2022

    අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවට සම්බන්ධ සියලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමට තීණය කර තිබෙනවා.

    මිල්කෝ සමාගමේ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (14) දැනුවත් කළ බව, කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇත්තේ, එම සමාගමට අයත් අබේවෙල කර්මාන්ත ශාලාවේ ඉකුත් වසරේ සිට මෙම ඉන්ධන වංචාව සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඩීසල් ලීටර 45,000 කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ඉන්ධනහල් වෙත විකුණා ඇති බවට තොරතුරු ලැබී ඇති බව, ඔහු පෙන්වා දී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි. මිල්කෝ සභාපතිවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ, ඉන්ධන වංචාවට සම්බන්ධ බවට දැනට චෝදනා එල්ල වී ඇති සියලු සේවකයින් විමර්ශන අවසන් වන තෙක් අනිවාර්යය නිවාඩු යැවීමට පියවර ගන්නා බවයි. මෙම ඉන්ධන වංචාව, මේ වසර තුළත් සිදුව ඇත්ද යන්න සම්බන්ධව ‍පුළුල් විමර්ශනයකින් සොයා බලන ලෙස අමාත්‍යවරයා මිල්කෝ සභාපතිවරයාට උපදෙස් දී තිබෙනවා.  

    Last modified on බදාදා, 14 සැප්තැම්බර් 2022 19:41

    Latest News