75 වැනි නිදහස් සමරුව අලුතින් සිතා අලුත් ආකාරයකට සංවිධාන කරන ලෙස අගමැතිගෙන් උපදෙස්...

සැප් 14, 2022

    නිදහසේ 75 වැනි සමරුවේ ඓතිහාසික තත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදී තිබෙනවා. 

    ඒ, නිදහස් සමරු උළෙල කමිටු සාමාජිකයින්ගේ කාර්යභාරය පිළිබඳ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින්.   වෙනදා මෙන් නිදහස් උත්සවයක් නොව, නිදහසේ 75 වැනි සංවත්සරය යනු සුවිශේෂී අවස්ථාවක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.  එය තේරුම් ගෙන ජාතික උත්සවයේ සියලු කටයුතු නිදහසේ ඉතිහාසයද සම්බන්ධ කර ගනිමින් අඩු වියදමින් සියලු පාර්ශ්වවල සහයෝගය ලබාගෙන අලුතින් සිතා නිර්මාණාත්මක ආකාරයෙන් පවත්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.  ජනාධිපතිතුමාද අපේක්ෂා කරන්නේ මෙවර නිදහස නව ආකාරයකින් සැමරීම බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. 

    Latest News