මිල්කෝ, ඉකුත්‌ තුන්මාසයේ රු. බිලියනය ඉක්මවා ගිය අඛණ්ඩ වෙළඳාමක්‌ (වීඩියෝ)

සැප් 05, 2020
  • මිල්කෝ ආයතනය ඉකුත්‌ මාස 03 තුළ රුපියල්‌ බිලියනය ඉක්මවා ගිය අඛණ්ඩ වෙළඳාමක්‌ සිදුකළ බව, එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා.

    පසුගිය සමයේ මිල්කෝ ආයතනය පාඩු ලබමින්‌ පැවති ආයතනයක්‌. නව වැඩපිළිවෙළක්‌ යටතේ රට කිරිවලින්‌ ස්වයංපෝෂිත කිරීමේ උත්ජ්‍රේරක බලවේගය වීමට, මිල්කෝ ආයනනය මේවන විට සූදානම්‌ බව, සභාපතිවරයා කියා සිටිනවා.

    රට තුළ, කිරි ලීටර දොළොස්‌ ලක්ෂයක්‌ දෛනිකව නිෂ්පාදනය කෙරෙනවා. මෙරට කිරී අවශ්‍යතාවයෙන්‌ සියයට 40 ක්‌ පමණ දේශීය කිරි ගොවියාගෙන්‌ සම්පූර්ණ වන අතර ඉතිරි සියයට හැට සපුරා ගැනෙන්නේ, ආනයනික කිරිපිටිවලින්‌. වසරකට කිරිපිටි මෙට්‍රික්‌ ටොන්‌ අනූදහසක්‌ එලෙස ආනයනය කෙරෙනවා. කිරිවලින්‌ ස්වයංපෝෂිත වීමට නම්‌, ආනයන නතර කොට රට තුළින්ම කිරි අවශ්‍යතාව සපුරාගන යුතුයි. මිල්කෝ ආයතනය ඒ සඳහා කිරි ගොවීන්‌ දිරීමත්‌ කොට ඉලක්ක සපුරාලීම සඳහා නව වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර තිබෙනවා. උදෑසන කාලයේ එළදෙනකගෙන්‌ සාමාන්‍යයෙන්‌ කිරී ලීටර 10 ක්‌ පමණ දොවා ගැනෙන අතර, සවස්‌ කාලයේදී කිරි ලීටර 6 ක්‌ ගැනීමේ හැකියාවා පවතිනවා. එහෙත්‌ පහසුකම් නොමැතිවීම නිසා සවස්‌ කාලයේදී මෙරට දෙනුන්ගෙන්‌ කිරි දෙවීම ගොවීන්‌ නතර කර තිබෙනවා.

    සවස් කාලයේ ලබාගන්නා කිරි ප්‍රමිතියෙන් යුතුව ගබඩා කර තබාගැනීම සඳහා මිල්කෝ ආයතනයෙන් නව නිපැයුම් හා තාක්ෂණ අංශය උපකරණයක්‌ නිපදවා නිබෙනවා. එය නම්‌ කර ඇන්නතේ "කිරි සිසිලකය" ලෙසයි.

    මිල්කෝ නව නිපැයුම්‌ අංශය නා නිෂ්පාදිත "කිරි සිසිලකය" දේශීය කිරි ගොවි ව්‍යවසායකයන්‌ වෙත හඳුන්වාදීම ආයතනයේ සභාපති, ලසන්ත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්‌ සිදුකෙරුණා.

    Last modified on සෙනසුරාදා, 05 සැප්තැම්බර් 2020 21:12

    Latest News