මෙවර උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සම්මන්ත්‍රණ මාළාවක්...

සැප් 14, 2022

    මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය  සාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 

    ඒ, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුවයි.  විද්‍යා, වාණිජ, තාක්ෂණ, කලා යන විෂය ධාරා සියල්ල ආවරණය වන පරිදි මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි කථිකාචාර්යවරුන්ගේ සම්පත් දායකත්වයෙන් දිවයින පුරා මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීමට නියමිතයි.   මීට සමගාමීව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සම්බන්ධ කර ගනිමින් අපොස උසස් පෙළ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනක්ද පැවැත්වෙනවා.   මෙම වැඩසටහන සාර්ථකව සංවිධාන කිරීම තුළින් අපොස උසස් පෙළ සිසුන්ට විශ්වාසයෙන් යුතුව විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා ධෛර්ය ලැබෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. 

    Latest News