රසායනික පොහොර තහනමට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

සැප් 12, 2022

    රසායනික පොහොර තහනම් කිරීම මගින් ගොවීන්ට හා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි මස 07 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද එල්. ටී. බී. දෙහිදෙනිය ,ඒ.එච් එම් ඩී නවාස්, සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කලේ එය සලකා බැලීම සඳහා පෙබරවාරි මස 07 වනදා කැඳවන ලෙස නියම කළා.

    නීතිඥ වරුන් දෙදෙනකු වන ටී ,ඩබ්ලිව් නානායක්කාර හා ඩබ්ලිව් .ඩී එස් .සුමිත් එරන්දික සහ තවත් ගොවි මහතෙකු වන ටී. ඩබ්ලිව් අමරදිවාකර විසින් මෙම පෙත්සම ගොනු කර තිබණා.

    කිසිදු විධිමත් අධ්‍යනයකින් හෝ විශේෂඥවරුන්ගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව අත්තනෝමතිකව කටයුතු කරමින් රසායනික පොහොර තහනම් කිරීමට තීරණය කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),14(1)g යන විධිවිධාන මගින් සහතික කර ඇති මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු කෘෂි කර්මාන්ත ඇමති මහින්දානන්ද අලුත්ගමගේ , හිටපු වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත ජයසිංහ, පාර්මේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි හිටපු,අගමැති මහින්ද රාජපක්ෂ සහ නීතිපතිවරයා ඇතුළු දස දෙනෙකු නම් කර තිබෙනවා.

    Latest News