එළඹෙන මහ කන්නයේ රසායනික ද්‍රව්‍ය ආනයනයට වැඩි ඉඩක්

සැප් 23, 2022

    එළඹෙන මහ කන්නයේ කෘෂීකාර්මික කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය පියවර ගැනේ.

    ඊට හැකි වන පරිදි හඳුනාගත් කෘෂි බීජ, කෘෂි රසායනික ද්‍රව්‍ය සහ රසායනික පොහොර ආනයනයේදී දැනට අදාළවන පෙර ගෙවීම් සීමාව වන අමෙරිකානු ඩොලර් 50,000 ක වටිනාකම, අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 50,000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමේදී ඒවා ආනයනයට අදාළ සෑම ඇණවුමක් සඳහාම අයතන කිහිපයකින් අනුමැතිය ලබා ගත යුතු වීම හේතුවෙන් අදාළ ආනයනයන් ප්‍රමාද වීම මෙන්ම, අතිරේක පිරිවැයක් දැරීමට ද සිදු වන බව, කෘෂිකාර්මික යෙදවුම් ආනයනකරුවන් රජයේ අවධානයට යොමු කර තිබෙනවා.

    Latest News