ටින් මාලු නිෂ්පාදන සතොස මගින්

සැප් 09, 2022

    ටින් මාලු නිෂ්පාදන සතොස අලෙවිසැල්වලට මිලදී ගෙන, අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට, වෙළෙඳ අමාත්‍යවරයා එම නිෂ්පාදකයින් වෙත පොරොන්දු වී තිබෙනවා.

    ඒ, ටින් මාලු නිෂ්පාදකයින්ගේ සංගමය සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී.

    මෙය සංවිධාන කර තිබුණේ, ටින් මාලු නිෂ්පාදකයින් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. මේ වන විට නිෂ්පාදනය කරනු ලබන ටින් මාලු අලෙවි කර ගැනීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවත්, ඒ අනුව, ටින් මාලු නිෂ්පාදනය කරන සමාගම් සහ සේවකයන්ට සිය ව්‍යාපාරය කර ගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවටත්, තොරතුරු දැනුම් දී තිබුණා. අදාළ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වෙළෙඳ අමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡාවේදී, ටින් මාලු නිෂ්පාදන ‍සතොස අලෙවිසැල්වලට මිලදී ගෙන අලෙවිය සිදු කිරීමට කටයුතු කරන බවට, අමාත්‍යවරයා පොරොන්දු වී තිබෙනවා.

    Latest News