රැජිනගේ අවසන් කටයුතු ඉදිරි සති දෙක තුල

සැප් 09, 2022

    එළි‍සබෙත් මහා රැජිනගේ අවසන් කටයුතු ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙනු ඇති. මේ වන විට ඇයගේ අවමංගල්‍ය කටයුතු සම්පාදනය කරන කමිටුව රැස්වී තිබේ.

    ඇයගේ මෘත දේහය ප්‍රථමයෙන්ම එඩින්බරෝහි පිහිටි හොලිරූඩෝස් මාළිගාවේ තැන්පත් කර තිබෙනු ඇති. ඉන් අනතුරුව දේහය ශාන්ත ගිල්ස්හි  පිහිටි දේවස්ථානයට රැගෙන යනු ඇත.

    ඉන් අනතුරුව ඇයගේ දේහය රාජකීය දුම්රියෙන් ඩන්ඩන් නගරයට රැගෙන එන අතර, ඉන් අනතුරුව දේහය බකින්හම් මාළිගාව වෙත රැගෙන එනු ඇති. දේහය රැගෙන එන අතරතුර මඟ දෙපස ජනතාවට ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉඩ ලබ දෙනු ඇති.

    අවමංගල්‍ය හේතුවෙන් එරට ශෝක කාලයක්  ප්‍රකාශයට පත්කරනු ඇති අතර, පාසල් සහ බැංකු නිවාඩු ලබා දීමට නියමිත බවයි, විදෙස් මාධ්‍ය වාර් තා කරන්නේ.

    Last modified on සිකුරාදා, 09 සැප්තැම්බර් 2022 11:38

    Latest News