'ඇල්ල ඔඩිසි' අද සිට තවත් ගමන්වාර 2ක්

සැප් 08, 2022

    කොළඹ කොටුව සහ බදුල්ල අතර, සති අන්තයේ ක්‍රියාත්මක ඇල්ල ඔඩිසි විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය අද සිට තවත් අතිරේක ගමන් වාර දෙකක නිරත වනවා.  ඒ අනුව, සෑම බ්‍රහස්පතින්දා දිනකම කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සිකුරාදා බදුල්ල සිට කොළඹට පැමිණෙනවා.

    මැදිරි 8 කින් සමන්විත ඇල්ල ඔඩිසි දුම්රියෙන් ගමන් කිරීම සඳහා ආසන කලින් වෙන් කරවා ගත යුතුයි.  එය නතර කෙරෙන්නේ, සීමිත දුම්රිය ස්ථාන කිහිපයක පමණයි. 

     එම ගමනේදී සංචාරක ආකර්ෂණයට ලක් වූ දුම්රිය ස්ථාන නොවන තැන් කිහිපයක විනාඩි කිහිපයක් දුම්රිය නතර කෙරෙනවා. 

    එහිදී දුම්රියෙන් ගමන් ගන්නා සංචාරකයින්ට අදාළ පරිසර සුන්දරත්වය අත්විඳ ගැනීමටත්, ඡායාරූප ගැනීමටත් අවස්ථාව හිමි වනවා. 

    පළමු, දෙවන සහ තුන්වන මැදිරිවලින් යුත් ඇල්ල ඔඩිසි දුම්රිය භෝජනාගාරයකින්ද සමන්විතයි.  අද දිනයේ එහි ගමන් කිරීම සඳහා දේශීය සංචාරකයින් විශාල පිරිසක් එක්ව සිටියා. 

    Latest News