“ඇල්ල ඔඩෙසි” සති අන්තයේ යළි බදුල්ලට ගමන් අරඹයි

අගෝ 11, 2022

    කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

    ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55ට බදුල්ලට ලඟා වීමට නියමිතයි.

    ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ඇත.

    සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20ට කොළඹට ළඟා වනු ඇත.

    Latest News