උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත්වල වලංගු කාලය ගැන දැනුම්දීමක්

සැප් 08, 2022

    උප්පැන්න, විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයක කාලසීමාවකින් පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එය ඕනෑම කාලසීමාවක් සදහා වලංගුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. උපත්, විවාහ හා මරණ ලේඛනයන්හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබදව ඇතැම් ආයතන කාලසීමාවන් දැක්වීමට පියවර ගෙන තිබුණි.

    එනම් සහතිකය නිකුත් කළ දින සිට මාස හයක කාලසීමාවක් සදහා පමණක් වලංගු වන බවටය. මේ හේතුවෙන් සහතික පිටපත් ලබා ගැනීමට ජනතාව විශාල වශයෙන් පෙළඹී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    එම ජනරාල් නිකුත් කරන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන වෙත මේ වනවිටත් දැනුම් දී තිබේ.

    රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උප්පැන්න විවාහ හා මරණ සහතික පිටපත් ඇත්නම් නැවත නව පිටපත් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන බව අවධාරණය කෙරේ.

    එහෙත් මෙම ලේඛනයක සංශෝධන සිදු කර ඇත්නම් පමණක් සංශෝධිත නව පිටපතක් ඉදිරිපත් කළ යුතු වේ.

    Latest News