මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

අගෝ 30, 2022

    මට්ටක්කුලියේ ඊයේ (29) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවයි,පොලීසිය සඳහන් කරන්නේ.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඊයේ (29) රාත්‍රියේ කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

    මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් වෙඩි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය පවසයි. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 26ක්.

    Latest News