සොරකම් කරන ලදැයි සැකකරන වෑන් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට...

අගෝ 27, 2022

    සොරකම් කරන ලදැයි සැකකරන වෑන් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත.

    ඒ, ඊයේ (26) කඩවත පොලිස් වසමට අයත් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෑළියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් කරන ලද වැටලීමකට පසුවයි.  ව්‍යාජ ලෙස සකස්කරන ලද හෝ හොරකම් කරන ලදැයි සැකකෙරෙන වෑන් රථය සමග සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 63 සහ 38ක් වූ කටුපොත සහ මාවතගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Latest News