රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ කැලුම් අමරසිංහ අත්අඩංගුවට

අගෝ 22, 2022

    පසුගිය ජූලි 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී සජීවී වැඩසටහනකට පෙනී සිටීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කැලුම් අමරසිංහ නමැත්තා අද කුරුඳුවත්ත පොලීසියට බාර වුණා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

    කැලුම් අමරසිංහ සහ ධානිශ් අලි ඇතුළු අරගලකරුවන්යැයි කියාගත් පිරිසක් ජුලි 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වුණා. ඒ සම්බන්ධයෙන් ධානිශ් අලි පසුගියදා අත්අඩංගුවට ගැනුණු අතර, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත නිදහස් කෙරුණා. පොලීසිය අවස්ථා ගණනාවකදී කැලුම් අමරසිංහ නමැත්තා අත්අඩංගුවට ගැනීමට උත්සහ කළද ඔහු සැඟව සිටියා. නමුත් ඔහු අද නීතීඥවරුන් මාර්ගයෙන් කුරුඳුවත්ත පොලීසියට බාර වුණා. ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතීඥවරුන් පවසනවා.

    Latest News