විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම ඉවත් කර ගනී

මාර් 14, 2019

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලු අභියාචනා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර ගෙන තිබේ.

    මෙම පෙත්සම් අද ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට තනතුරුවල කටයුතු කිරීම වළක්වාලීමේ තහනම් නියෝගය නඩුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රීවරු 122 විසින් අභියාචනාධිකරණයෙන් පසුගිය සඳුදා ඉල්ලා අස්කර ගැනීණ. එ අනුව මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

    පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඔවුන් අධිකරණයෙන් කළ ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය පිරිනැමිණ.

     

    Latest News