බොර‍ තෙල් රැගත් නෞකාවක් ලබන 13 මෙරටට - 19 වැනිදා සිට අඛණ්ඩව භූමිතෙල්

අගෝ 10, 2022

    බොර‍ තෙල් රැගත් නෞකාවක් ලබන 13 වැනිදා මෙරටට පැමිණෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    අනතුරුව එළඹෙන 15 වැනිදා සිට සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි. ලබන 19 වැනිදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබා දීමේ ක්‍රියාවලියත් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එමෙන්ම, ඉන්ධන හල් අසල පැවති දිගු පෝලිම් මේ වනවිට ඉතා අවම තත්වයකට පත්ව ඇති අතර ඇතැම් ඉන්ධනහල්වල පෙර මෙන් සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කෙරෙනු දැකගත හැකියි.

    Latest News