ඇල්ල - වැල්ලවාය මාර්ගය අවහිර වෙයි

අගෝ 04, 2022

    පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ඇල්ල හා රාවණා ඇල්ල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මාර්ගයට ගස් හා ගල් පෙරළීමෙන් ගමනා ගමනයට බාධා ඇති වුණා.

    මාර්ගයේ බොහෝ ප්‍රදේශ මේ වන විට යථා තත්වයට පත් කර ඇති අතර, ස්ථාන කිහිපයක ගමනාගමනය එක් මංතීරුවකට සීමා වී තිබෙනවා.

    වර්ෂා තත්වයේ වැඩිවීමත් වුවහොත්, නාය යාමේ දැඩි අනතුරු සහිත ස්ථාන කිහිපයක්ම පවතින බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර, රාවනා ඇල්ලේ අද තත්වය සාමාන්‍ය බවයි, වාර්තාකරු ප්‍රකාශ කළේ.                                             

    Latest News