රැට්ටා අත්අඩංගුවට

අගෝ 02, 2022

    ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය මැයි 21 වැනිදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි, පොලීසිය සඳහන් කරන්නේ.

    ඊයේ (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළේය.

    Latest News