හදිසි නීතිය වැඩි ඡන්දයෙන් සම්මතයි...

ජූලි 27, 2022

    හදිසි නීතිය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

    ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට පියවර ගත් අතර, ඊට අදාල විවාදය අද දිනය පුරා පැවැත්විණි.

    Latest News