හදිසි නීතිය අහෝසි වෙයි

මැයි 21, 2022

    දිවයිනට පනවා තිබූ හදිසි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අහෝසි වී තිබේ. 

    අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් හදිසි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 6 වැනිදා මධ්‍යම රාත්‍රී සිටයි.

    එය දින 14ක කාලයක් බලපැවැත්විණ. මින් ඉදිරියට හදිසි නීති තත්වය බලාත්මක කරන්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලබාගත යුතු වෙයි.

    නමුත් හිදිසි නිති තත්වය දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාව පසුගිය පාර්ලිමේන්තු සභා වාරයේ දී ඉදිරිපත් නොකෙරිණ. ඒ අනූව දින 14ක් අවසානයේ දී හදිසි නීති තත්වය අවලංගු වන බවයි ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසන්නේ.

    Latest News