හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර, ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය එතුමා සමග සුහද කථා බහක ද නිරත වූවාය. ශ්රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.