නව ජනපති දිවුරුම්දීම හෙට

ජූලි 20, 2022
    රනිල් වික්‍රමසිංහ මහතා 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (21) දිවුරුම්දීමට නියමිතය. 
    තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදුකරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයාගෙන් අද ඉල්ලා සිටියේය.
     
    08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද තේරී පත් විය. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්ය.

    Latest News