කෝටි දෙකහාමාරේ මැණික් සොරකමේ 4කට වැඩ වරදී

අප්‍රේ 15, 2019

    මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී විකිණීමට ගෙනා මැණිකක් සහ අයිතිකරු පැහැරගෙන ගෙන රුපියල් 50000ක් සමඟ මැණික කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු සහ මැණික ඊයේ (14) හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පසුගිය වසරේ මාර්තු මාස මෙම කොල්ලය සිදුකර ඇති අතර සිදුකළ විමර්ශන අනුවයි රුපියල් කෝටි දෙකහාමාරක් වටිනා මැණික් ගල සහ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    වයස අවුරුදු 32, 34, 39 සහ 48 යන පසුවන මෙම සැකකරුවන් සිව්දෙනා වයික්කාල, හෝමාගම, බංගදෙණිය, වඩුමුන්නේගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. මෙම සැකකරුවන් අද (15) දින මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Latest News