බංග්ලාදේශයට පැය 10 කට වැඩි විදුලි කප්පාදුවක්...

ජූලි 14, 2022

    බංග්ලාදේශයේ හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් එහි පැය 10 කට වැඩි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකයි.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එරට විදුලි අවශ්‍යතාවයෙන් 52%ක් උත්පාදනය කර ගනු ලබන්නේ, ඉන්ධන මගින් බවයි. රට තුළ ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රය වන ඇඟලුම් කර්මාන්තයට විදුලි කප්පාදුව දැඩිව බලපා තිබෙනවා. බංග්ලාදේශයේ ඩකා අගනුවර ඊයේ පැය 12 කට ආසන්න විදුලි කප්පාදුවක් සිදු කෙරුණු බවයි, වාර්තා වන්නේ.

    පවතින තත්වය ‍රටේ ආර්ථිකයට දරුණු ලෙස බලපානු ඇති බවට ව්‍යාපාරිකයන් අනතුරු අඟවනවා. විදුලි කප්පාදුව හේතුවෙන් සමාජය තුළ අසහනකාරී තත්වයක් උද්ගත වෙමින් පවතින බවද, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මෙම අර්බුදය ඉදිරියේදී බංග්ලාදේශය තුළ දේශපාලනික අර්බුදයක් බවට පත්වීමේ වැඩි ඉඩ කඩක් පවතින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


    Latest News