යල කන්නයේ වී වගාවට රසායනික පොහොර බෙදාදීම ඇරඹේ...(වීඩියෝ)

ජූලි 14, 2022
  • පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට මෙවර යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර බෙදාදීම මේ වන විට ක්‍රියාත්මකයි.

    ඊයේ දිනයේ ගල් අමුණ ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන් 160 දෙනෙකුට පොහොර මිටි 500 ක් බෙදා දෙනු ලැබුවා. වෙළඳ‍පොළේ රුපියල් 40,000 ක ඉහළ මිලකට අලෙවි වන යූරියා පො‍හොර කිලෝ ග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 10,000 ක මුදලකට ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, සහන මිලකට පොහොර ලබාදීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව රජයට ස්තුතිය පළ කළ බවයි. ඔවුන් රතිඤ්ඤා ද දල්වමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කළා.

    Latest News