බත්තරමුල්ල ගැටුමෙන් යුද හමුදා සෙබළුන් 2ක් සහ පොලිස් නිලධාරියෙකුට තුවාල...

ජූලි 14, 2022

    බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල ඊයේ රාත්‍රී පැවති කලහකාරී තත්වය මධ්‍යයේ විරෝධතාකරුවන් සිදු කළ පහරදීමකින් යුද හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

    යුද හමුදා සෙබලුන් සතු ටී-56 වර්ගයේ ගිනි අවි 2ක් සහ ජීව උණ්ඩ 60 ක් සහිත මැගසින් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News