අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

ජූලි 07, 2022

    අද (07) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



    කෙසේවෙතත් හැකි උපරිමයෙන් දුම්රිය ධාවන කටයුතු සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

    කාර්යාල දුම්රියන් උපරිම ආකාරයෙන් ධාවනය කෙරෙන අතර පැමිණ සිටින කාර්ය මණ්ඩලය යොදා ගනිමින් දුම්රිය ධාවනය යථා තත්ත්යට පත් කිරීමට සැලසුම් කර තිබේ.

    ඉන්ධන අර්බුදය හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ධාවනය ඊයේ (06) දිනයේ සීමා වු අතර දුම්රිය ගමන්වාර 50ක් පමණ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Latest News