පාස්පෝට් පෝලිමේ සිටි ගැබිණියක් රෝහල් ගත කරයි (වීඩියෝ)

ජූලි 07, 2022
  • බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගැබිණි මවක් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

    විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අද උදෑසන 07.40 ට පමණ පෝලිමේ සිටින අනතුරු ප්‍රසූත වේදනාව ඇති වීම නිසා මෙසේ රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

    හැටන් ප්‍රදේශයේ සිට පැමිණි මෙම දමිළ ජාතික ගැබිණි කාන්තාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ආසන්නයේ සේවයේ යොදවා සිටින ශ්‍රී ලංකා යුධ හමුදා භටපිරිස් විසින් කොළඹ කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

    ඉන් පසු දරු ප්‍රසූතිය සිදුවී ඇති අතර බිළිඳා සහ මව සුවෙන් සිටින බව වාර්තා වේ.

    Latest News