අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවෙක් අල්ලයි

ජූලි 05, 2022

    ‍‍‍ස්ත්‍රි දූෂණයක් සිදු කිරීමේ වරදට රත්නපුර මහාධිකරණය මඟහරිමින් සිටි විවෘත ‍වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව පොලීසිය සමත් වී තිබේ.

    ඒ, වරෙන්තුකරු ගාලුමුවදොර විරෝධතා භූමියේ සැඟවී සිටියදී.

    රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් පවතින අංක එච් සී ආර් /111/2020 දරණ ස්ත්‍රි දුෂණ නඩුවේ ප්‍රධාන සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගියදා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිණ.

    සැකකරු, වයස අවුරුදු 25ක් වූ රත්නපුර - වෙරළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු, ගාලුමුවදොර වි‍රෝධතා භූමියේ මාස 2ක පමණ කාලයක් රැඳී සිට ඇති බවයි, පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

    සැකකරු, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අනතුරුව සැකකරු ලබන 12 වැනිදා රත්නපුර - මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News