ජීවන වියදම් පිළිබඳ අනුකාරක සභාව යළිත්

ජූලි 05, 2022

    ‍‍ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාවර කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

    යෝජනාව, ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ, ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි.  ජීවන වියදම  ස්ථාවරව පවත්වාගෙන  යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රායෝගික විසඳුම්,  අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම එම කමිටුවට පැවරෙනවා.

    ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපතිවරයා ජනාධිපතිතුමා වන අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඩග්ලස් දේවානන්දා, අචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, කංචන ජේසේකර, නලීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු එහි සෙසු සමාජිකයන් වනවා.

    ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහය වීමට වෙ‍ළඳ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ සභාගීත්වයෙන් ආහාර සුරක්‍ෂිතතා කමිටුව පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    Latest News