22 සංශෝධනය ගැසට්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

ජූනි 28, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ගැසට් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද අනුමැතිය හිමිවූ බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ.

    ඊට අනුමැතිය හිමිවී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

    Last modified on අඟහරුවාදා, 28 ජූනි 2022 09:16

    Latest News