ශ්‍රී පාද වන්දනා සමය අවසන්වීමෙන් පසු අපද්‍රව්‍ය ඉවත් කෙරේ...

ජූනි 26, 2022

    ශ්‍රී පාද වන්දනා සමය අවසන්වීමත් සමඟ ශ්‍රී පාද උඩමලුවේ සිට නල්ලතන්නිය දක්වා මාර්ගය දෙපස එක් රැස්වී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම ඊයේ සිදුවුණා.

    ඒ, 19 වැනි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ නල්ලතන්නිය වනජීවි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්. පරිසරයට අවිධිමත් ලෙස බැහැර කර තිබූ පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක් රැස්කර මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ කැලිකසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත බාරදීමට පියවර ගැනුණා.

    Latest News