තෙල් මිල නැවතත් ඉහළට...

ජූනි 26, 2022

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

    ඒ, අද අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 550ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍ර්ල් ලීටරයක නව මිල රු.470ක් වේ. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රු. 520ක් වේ.

    ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 50 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.100කින්ද, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු.60 කින් ද සහ ලංකා සුපර් ඩිසල් ලීටරයක් රු. 75කින් ඉහළ දමා ඇත.

    Latest News