අමෙරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද දිවයිනට...

ජූනි 26, 2022

    අමෙරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණියා.

    එහි මූලික අරමුණ වී ඇත්තේ, පවතින අර්බුදකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහයවීම සඳහා ඵලදායි ක්‍රමවේද සොයා බැලීමයි. ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් යන මහත්ම-මහත්මීන් මෙම නියෝජිත පිරිසට ඇතුලත්.

    එම සංචාරයේදී මෙරට ඉහළ පෙළේ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් හා ආර්ථික විශේෂඥයින් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතයි. නියෝජිත පිරිස මෙම මස 29 වැනිදා දක්වා රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලාංකික ජනතාවගේ සමෘද්ධිය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ඇති කැපවීම මේ චාරිකාව මගින් තහවුරු කෙරෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී ජේ වන්ක් මහත්මිය පවසනවා.

    Latest News