අද වැසි රහිත කාලගුණයක්

මාර් 11, 2019

    දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි.

    කෙසේ වෙතත්, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වීමටත්, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමටත් සුළු හැකියාවක් පවතී.

    දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-25 පමණ වේ.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 07:34

    Latest News