චීන තානාපති, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ

ජූනි 23, 2022

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qi-Zhenhong) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් ඊයේ (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය.

    ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සඹඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය සහ දේශපාලන තත්වය, අර්බුධකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග යන කරුණු සම්බන්ධව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    සෑම අවස්තාවකදීම චීනය ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිඹඳව ස්තූතිය පළ කළ අමාත්‍යවරයා, මින් ඉදිරියටද චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළේය.

    මෙම අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව වෙත හැකි සෑම උපකාරයක්ම කරන බවට තානාපති වරයා එහිදී සඳහන් කළේය.

    එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු සඳහාද චීන රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව පැවසූ ඒ මහතා නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් වීම පිළිඹඳව අමාත්‍යවරයා වෙත සිය සුභාෂිංසන පළ කිරීමද සිදු කළේය.

    Latest News