පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ජූනි 21, 2022

    පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 10.00 රැස්වීමට නියමිතයි. අද සිට ලබන 24 වැනි දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීම වෙයි.

    ලබන බ්‍රහස්පතින්දා දක්වා සභාව රැස්වන සෑම දිනකම පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තුව සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

    අද දිනය තුළ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය පනත් කෙටුම්පත සහ සිවිල් නඩු විභාග සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. 

    Latest News