හම්බන්තොටට දැවැන්ත ආයෝජන 02ක්

මාර් 10, 2019

    ඩොලර් බිලියන පහක සෘජු විදේශ ආයෝජන සහිත දැවැන්ත ව්‍යාපෘති දෙකක් මේ මාසය අවසනයට පෙර හම්බන්තොට ආරම්භ කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවසයි.

    ඉන් දසදහසකට පමණ රැකියා අවස්ථා උදාවේ.

    සිමෙන්ති සහ ඉන්ධන පිරිපහදු දෙකක් එ අනුව ඉදිවන බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා අනාවරණය කලේය. මාස කිහිපයක් තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සහිත වානේ අපනයන කම්හලක් ත්‍රිකුණාමලයේ දී ආරම්භ කරන බවත් අවධාරණය කළේය.

    රටේ සෑම පළාතකම අපනයන ආදායම් ඉලක්ක කරගත් දැවැන්ත සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක කිරිම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කියා සිටියේය. 2017 වසරේදී ඩොලර් බිලියන දෙකයි දශම තුනයි හතක් සෘජු විදේශීය ආයෝජන ලැබි ඇති බව පැවැසූ නියෝජ්‍ය ඇමැති බණ්ඩාර මහතා හම්බන්තොට ඇරැඹෙන ව්‍යාපෘති දෙකෙන් ඩොලර් බිලියන පහක සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට හැකි වී තිබෙන බව කියා සිටි.

    Latest News