ශිවාජලිංගම් - අනන්දි ශෂිධරන්ගෙන් ජීනීවාවට ලිපියක්

මාර් 10, 2019

    ජිනීවා මානව හිමිකම් සභාවට ඉදිරිපත් කිරීමට ෂිවාජලිංගමි සහ ආනන්දි ශෂිධරන් උතුරේ ආන්ඩුකාරවරයාට ලිපියක් භාරදී තිබේ.

    ජිනීවා මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කිරීමට ඇති යෝජනා ලබාදෙන ලෙස උතුරු පලාත් ආන්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් පලාත් සභා මන්ත්‍රීවරුන්ට, ආගමික නායකයින්ට, හා රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම පලාතේ ජනතාවට 13 වනදා පැවැත්වෙන මහජන දිනයේදී අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිවේ.

    මේ අනුව ජිනීවා මානව හිමිකම් සහාව වෙත ඉදිරිපත් කිරීමේ පලමු යෝජනාව උතුරු පලාත් හිටපු මන්ත්‍රී M.K ශිවාජලිංගමි හා මන්ත්‍රීනි අනන්දි ශෂිධරන් විසින් පලාත් ආන්ඩුකාරවර කාර්යාලය වෙත අද ගෙනවිත් භාරදෙනු ලැබීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජිනීවා මානව හිමිකමි සභාවට ශ්‍රීලංකාව පිලිබදව කරුනු ඉදිරිපත් කිරීමට උතුරු පලාත් ආන්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාරය සරත් අමුණුගම සහ මහින්ද සමරසිංහ මහතව නම් කර ඇත.

    Latest News