පරිභෝජනයට නුසුදුසු අර්තාපල් දඹුල්ලෙන්

මාර් 10, 2019

    පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 5,000ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබියදී ඊයේ සොයා ගැනිණ.

    ඒ, දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කළ පරීක්‍ෂාවකදී. ආනයනික මෙම අර්තාපල් තොගය කිසිදු ආකාරයකින් පරිභෝජනයට නුසුදුසු බව, සෞඛ්‍ය නිලධාරීන් පවසයි. දඹුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වූ සූජීව ජයසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත සෞඛ්‍ය අංශ නිලධාරීන් අර්තාපල් ගබඩාව පරීක්‍ෂා කළේය. සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කියා සිටියේ මීට දින දෙකකට පෙර අර්තාපල් තොගය ආනයනය කළ බවයි.

    එහෙත් ඒවා එකවරම නරක් වූ බව ඔහු සෞඛ්‍ය නිලධාරීන් හමුවේ කියා සිටියේය. සෞඛ්‍ය අංශ ප්‍රධානී වෛද්‍ය දයන්ත වීරසේකර මහතා සඳහන් කළේ, එම ප්‍රකාශය කිසිසේත් පිළිගත නොහැකි බවයි. මෙම අර්තාපල් තොගය දඹුල්ල, දිගම්පතන රජයේ රක්‍ෂිතයේ දී විනාශ කිරීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත.

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 13:43

    Latest News