ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම අද සිට

ජූනි 15, 2022

    දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට යළි සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගැස් ගොඩබෑමේ කටයුතු දින 6කට පසුව ඊයේ (14) ආරම්භ කෙරිණ.

    ඒ එම නෞකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගෙවීමෙන් අනතුරුවයි. ගෑස් තොග බෙදාහැරීමේ දී ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, රෝහල් හා ආදාහනාගාර වෙත ප්‍රමුඛතාවය ලබාදෙන බවයි, එම සමාගම පවසන්නේ. නිවාස සඳහා ද සුළු වශයෙන් ගෑස් බෙදා හැරීමට නියමිතයි.

    Last modified on බදාදා, 15 ජූනි 2022 10:42

    Latest News