ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට ඕනෑම සහයක් ලබාදෙන බව, චීන තානාපති පවසයි....

ජූනි 11, 2022

    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව, චීන තානාපති කී ෂෙං හොං මහතා පවසනවා.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) හමුවූ අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා. හමුව පොළොන්නරුවේ පිහිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී සිදුවුණා. රටේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණා. ආහාර අර්බුදයක් ඇතිවුවහොත්, චීන රජයෙන් දියහැකි උපරිම සහයෝගය ලබාදෙන බව චීන තානාපතිවරයා මෙහිදී කියා සිටියා.

    Latest News