මහනුවරට පැය 8ක ජල කප්පාදුවක්

ජූනි 09, 2022

    මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (09) දිනයේ පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ, හෙට පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වායි. කොණ්ඩදෙණිය, කුළුගම්මන, නුගවෙල, කහවත්ත, රජපිහිල්ල සේවා ජලාශය, මැදවල පැරණි සේවා ජලාශය, මැදවල නව සේවා ජලාශය සහ ගලගෙදර යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

    මහනුවර දිස්ත්‍රික්කයට අයත් යටිවාවල බුස්ටර් පොම්පාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටවනු ලබයි. 

    Last modified on බදාදා, 08 ජූනි 2022 16:48

    Latest News